වැව් බැදි රාජ්‍යයේ පිහිටි අප පාසල අප පාසල අද වන විට දහස් ගණනක් ප්‍රදේශයේ දූ දරුවන්ගේ නුවණැස පෑදූ කීර්තිමත් විද්‍යාලයක් බවට පත්ව ඇත.උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කල්පේ කෝරලයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 100 කට වඩා පැරණි විද්වතුන්ට තෝතැන්නක් ව දහස් ගණන් ප්‍රාඥයින් බිහි කළ ප්‍රාදේශීය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ලෙස සලකනු ලබන අධ්‍යාපන ප්‍රවේශ භූමිය වනුයේ හොරොව්පොතාන රුවන්වැලි ද්විතික පාසලයි.
ජනවහරට අනුව හොරොව්පොතාන පාසල ආරම්භ වනුයේ 1905 වසරේදීය. නගර මධ්‍යයේ ඇති බෝධිරාජයාණන් අසල පොල් අතු මඩුවක ඉගැන්වීම් කළ බව සඳහන් වන අතර එහි විදුහල්පති වරු හා ශිෂ්‍ය තොරතුරු සොයා ගැනීමට නොහැකි වන්නේ ගංවතුර විකසනයට ලක් වීමෙන් ගොඩනැගිලි හා පොත්පත් විනාශ වූ නිසාය.ලොග් සටහන් සාක්ෂි අනුව හොරොව්පොතාන විද්‍යාලය ආරම්භ වන්නේ 1918 දෙසැම්බර් 20 වන දිනයි. වව්නියා පාරේ දැනට පාසල පිහිටා ඇති පරිසරය තුල සියඹලා ගස යට පොල් අතු මඩුවක සිසුන් 05 දෙනෙකුගෙන් ආරම්භ වූ විද්‍යාලයේ විදුහල්පති වුයේ එවක විද්‍යාලයේ උගත් ප්‍රභූවරයෙකු වූ යූ.රංහාමි විදුහල්පතිතුමාය.
අනතුරුව සිසුන් 07,10 වශයෙන් ශිෂ්‍ය වර්ධනයත් සමගම මිශ්‍ර පාසලක් ලෙස වර්ධනය වන්නට විය. මෙම විද්‍යාලයේ සුවිශේෂී දෙයක් වුයේ 1968 වසරේදීය. සිසුන් 500 වඩා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත එවක විදුහල්පතිවරයෙකු වූ ඉඩම්පිටිය විදුහල්පතිතුමාගේ සමය තුල අප පාසල මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් වූ අතර 1969 වසරේදී එවක හොරොව්පොතාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවාහන අමාත්‍ය ඊ. එල්. බී. හුරුල්ලේ මැතිතුමාගේ ආරාධනයෙන් එවක ගරු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමාණන් විසින් 1969 ජුනි 14 වන දින දෙමහල් ශාලාවක් සෑදීමට මුල්ගල තැබිණි.
ක්‍රමවත් වර්ධනයත් සමග ශිෂ්‍ය සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහල ගිය අතර මුස්ලිම් සිසුන් සඳහා වෙනම විද්‍යාලයක් බිහි විය. ප්‍රාථමික හා ද්විතික අංශ බද්ධව තිබූ රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලය වර්ෂ 2010 දී එවක විදුහල්පතිවරයා වූ එස්. ධර්මදාස මහතාගේ සමයේ ඉසුරු පාසලක් බවට පත් විය. ඒ වන විට ප්‍රාථමික අංශයේ වෙනත් විද්‍යාලයක් ලෙස ආදර්ශ පාසල වෙන් ලදී.ද්විතික අංශයේ සිසුන් 1500 ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත වූ රුවන්වැලි ඉසුරු පාසල 2014 වර්ෂයේ වර්ථමාන විදුහල්පති එම්. බී. එම්. බණ්ඩාර මහතාගේ පැමිණීමත් සමග අ/රුවන්වැලි ද්විතික පාසල නමින් නව මහින්දෝදය විද්‍යාගාරයක් හා විද්‍යා පීඨයක් කලා, වාණිජ, විද්‍යා, ගණිත, තාක්ෂණ යන සියලු අංශ වලින් පරිපූර්ණව හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් විවෘත කරන ලදී.
දෙස් විදෙස් විද්වතුන් රාශියකගේ තෝතැන්නක් වූ රුවන්වැලි තක්ෂිලා පුණ්‍ය භූමිය තවත් සියවස් ගණනාවක් ප්‍රදේශයේ දූ දරුවන්ගේ නුවණැස පාදන තෝතැන්නක් වනවා නොඅනුමානය.
|
ආරම්භ කළ වර්ෂය |
1905 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
5 |
|
මුල් ගුරුතුමාගේ නම |
යූ.රංහාමි |
|
පාසලේ ආදි කතෘගේ නම |
යූ.රංහාමි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
රුවන්වැලි මාධ්‍ය විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
යූ.රංහාමි |
|
පාසල රජයට පවරාගත් දිනය |
1918 දෙසැම්බර් 20 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
නගර මධ්‍යයේ ඇති බෝධිරාජයාණන් අසල පොල් අතු පැලක |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
|