![]() |
![]() |
![]() |
දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර 1969 වසරේදී එවක හොරොව්පොතාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවාහන අමාත්‍ය ඊ. එල්. බී. හුරුල්ලේ මැතිතුමාගේ ආරාධනයෙන් එවක ගරු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමාණන් විසින් 1969 ජුනි 14 වන දින දෙමහල් ශාලාවක් සෑදීමට මුල්ගල තැබිණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. 1918 දෙසැම්බර් 20 වන දින වව්නියා පාරේ දැනට පාසල පිහිටා ඇති පරිසරය තුල සියඹලා ගස යට පොල් අතු මඩුවක සිසුන් 05 දෙනෙකුගෙන් ආරම්භ වූ විද්‍යාලයේ විදුහල්පති වුයේ එවක විද්‍යාලයේ උගත් ප්‍රභූවරයෙකු වූ යූ.රංහාමි විදුහල්පතිතුමාය.

