ජාතියේ අනුරාව කැටි කළ
බැන්දු රන් වැලි ථූපයෙ
නිදන් කොට හෙළ දෙශමානි
හැගුම් පුබුදා දින දිනේ
රුවන්වැලි මැදි විදුහලේ දූ දරුවෝ අපි මේ දේශයේ
කීර්තී රාවය නගා පෙරටම ඇදෙන්නෙමු හෙළ භූමියේ
පොතානේ බැදි වැව් සොරොව්වල ගලා යන දිය කඳ අරන්
නිවා සඳ තරු සැව්ලෝ හඬවා හිරු උදාවන මව් බිමේ
සිරුරු දහඩිය රුහිරු වැය කර රට නගා කෙත් සරු කරන්
හිරු සඳුන් යට හිදී වටිනා රජ රටේ හොද දූ පුතුන්
ජයතු ජයබෝ සමිදු බලයෙන් ඥාන ශක්තිය වඩවමු
යෝධ බලයෙන් රුපුන් ජයගත් ගාමිණී රජු සමරමු
රත්නමාලි ථුප නාමෙන් ශිල්ප දැන රට සුරකිමු
රුවන් වැලි මැදි මවගේ කිතු ගොස හෙලේ දස ඇත පතුරමු